Home උණුසුම් පුවත් ඓතිහාසික ගමනකට ජනපති එංගලන්තයට

ඓතිහාසික ගමනකට ජනපති එංගලන්තයට

ඓතිහාසික ගමනකට ජනපති එංගලන්තයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ බ්‍රිතාන්‍ය රජ පවුලේ වැඩිම කාලයක් රජ කිරුළ දරා සිටි පසුගියදා අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහායි.

දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ රාජාභිෂේකයට සහභාගී වූ දෙමාපියන්ගේ දරුවන් ලෙස රැජිනියගේ රාජකීය අවමගල්‍යයට සහභාගී වන්නන් දෙදෙනාගෙන් කෙනෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගි වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකා ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙමාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවැති එලිසබෙත් මහරැජිනගේ කිරුළ පැලදීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූයේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමගිනි.

මෙහි අනෙක් තැනැත්තිය වන්නේ රජ පවුලේ සාමාජිකාවක වන, නෙදර්ලන්ත හිටපු රැජිනිය වන බිට්‍රික්ස් කුමරියයි.

ලෝක ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයන් ලෙස මොවුන් ඉතිහාස පොතට එක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here