Home උණුසුම් පුවත් ආණ්ඩු – විපක්ෂ මැතිඇමතිවරු පිරිසක් එකම තැනකට ඇවිත් කරන්න හදපු දේ..

ආණ්ඩු – විපක්ෂ මැතිඇමතිවරු පිරිසක් එකම තැනකට ඇවිත් කරන්න හදපු දේ..

ආණ්ඩු – විපක්ෂ මැතිඇමතිවරු පිරිසක් එකම තැනකට ඇවිත් කරන්න හදපු දේ..

ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ(13) කොළඹ දී පැවැත්වුණි.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින්මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධාන විය.

ක්‍රීඩා අමාත්‍යධූරය දැරු සියලුම දෙනා හට ආරාධනා කළ මෙම හමුවේ දී ක්‍රීඩා අමාත්‍යවරුන් ලෙස ක්‍රීඩාවේ අතීත අත්දැකීම් තුළින් අනාගතයේ ක්‍රීඩාව ශක්තිමත්ව ජයග්‍රහණ කරා නගාසිටුවීමට අවශ්‍ය යෝජනා, අදහස් ලබා ගැනීම එහි දී සිදු විය.

වාද, විවාද සමග සුහදව එම සාකච්ඡාවේ දී ක්‍රීඩාව සම්බන්ධයෙන් රට තුළ ඇති සියලු අමාත්‍යාංශ, ආයතන, දෙපාර්තමේන්තු, පළාත් සභා, ක්‍රීඩා සංගම් ඇතුළු අනෙකුත් ආයතන ඒකාබද්ධ කරගනිමින් පොදු වැඩපිළිවෙළක් සකස් කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව යෝජනා විය.

ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් රාශියක් පිළිබඳ හා ක්‍රීඩා පනතට ඇතුළත් කර ගත යුතු යෝජනා රාශියක් ද ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් පිළිබඳ යෝජනා ද මෙහි දී ඉදිරිපත් විය.

මෙම අවස්ථාථාවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ජීවන් කුමාරනතුංග, ගාමිනී ලෝකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නවීන් දිසානායක, දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, එහි ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here