Home උණුසුම් පුවත් රුපියල් 20,000 ණයකට බදුල්ලේ මවත් දියණියත් මැරූ ත්‍රීවිල් රියදුරා කොටුවෙයි

රුපියල් 20,000 ණයකට බදුල්ලේ මවත් දියණියත් මැරූ ත්‍රීවිල් රියදුරා කොටුවෙයි

0
රුපියල් 20,000 ණයකට බදුල්ලේ මවත් දියණියත් මැරූ ත්‍රීවිල් රියදුරා කොටුවෙයි

බදුල්ල ගැනල්පීන් වතුයායේ හිඟුරුගමුව කොටසේ වතු නිවාසයක් තුළදී මවක් සහ දියණියක් කපාකොටා ඝාතනයකර එක් දියණියක් කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීමට සම්බන්ධ ත්‍රීරෝද රථ රියදුරෙකුව බදුල්ල පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

එම ද්විත්ව ඝාතනය සිදුවී තිබුණේ පසුගිය 10 වෙනිදාය. එහිදී වයස අවුරුදු 83ක මවක් සහ 56 වියැති මවක් ඝාතනය වී තිබුණු අතර 62 හැවරදි දියණියක තුවාල ලැබීය.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බදුල්ල පොලීසියේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල වීරියපුර පදිංචිකරුවෙක් වන 33 වන වියැති ත්‍රීරෝද රථ රියදුරෙකි.

මෙම සැකකරු ඝාතනය වී ඇති දියණියගෙන් රුපියල් 20,000ක ණය මුදලක් ඉල්ලා ඇති බවත් එය නොදීම සම්බන්ධයෙන් ඇවය ඝාතනයකර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. එම ඝාතනයට පෙර ඔහු එම කාන්තාවන් දෙදෙනාව බිය ගන්වා ඔවුන් පැළද සිටි රන් ආභරණ ලබාගෙන ඇති බවත් ඒවා උකස්කර තිබියදී පොලීසිය සොයාගෙන ඇති බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here