
පාසල් සිසුන් ඉලක්කරගෙන සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දෛනිකව පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීම අනිවාර් ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අවධානය යොමු වී තිබේ.
අයිස් නැමැති මත්ද්‍රව්‍ය ඇතුළු මත්ද්‍රව්‍ය වලින් දරු පරපුර බේරා ගැනීමට මෙම පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදීද අද ඒ බව ප්‍රකාශ කළේය.
මත් ද්‍රව්‍ය කිලෝ ගණන් රටට ගෙන ඒමේ දී ඇල්ලූ අවස්ථා ඇති බවත් ඒවා ඉතා සූක්ෂම ලෙස පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මේවා සම්බන්ධයෙන් දෙමාපියන්ද පාසල් ප්‍රජාව ද දැඩි අවධානයෙන් සිටිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.