Home උණුසුම් පුවත් විදෙස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් – විදුලි වාහනය ගන්න අයදුම්පතත් නිකුත් වෙයි

විදෙස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් – විදුලි වාහනය ගන්න අයදුම්පතත් නිකුත් වෙයි

විදෙස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් – විදුලි වාහනය ගන්න අයදුම්පතත් නිකුත් වෙයි

බැංකු හරහා මෙරටට මුදල් එවන විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුප ඉදිරි සතියේදී හදුන්වාදීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

එමෙන්ම තමන් උපයන මුදල් බැංකු ක්‍රමය හරහා නීත්‍යානුකූලව ලංකාවට එවන ශ්‍රමිකයින් සදහා සහන පොලීයට නිවාස ණය ලබාදීමටත් කටයුතු යොදන බව ද අමාත්‍යවරයා කියාසිටී.

මේ අතර විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙට්‍රික් වාහනයක් ආනයනයනය කිරීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සදහා වන අයදුම්පත්‍රය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

අදාල අයදුම්පත්‍රය පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/02.2022-Application-Sinhala.pdf”]

විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “විදේශ ගත ශ්‍රමිකයින් වැදගත් විදියට උපයන මුදල් බැංකු ක්‍රමය හරහා නීත්‍යානුකූලව ලංකාවට එවීමේදී නව ප්‍රතිලාභ ලබාදෙන බවට අපි පොරොන්දු වුනා. අපි දුන්න පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරමින් සිටිනවා. අපි පැවසූ ආකාරයටම දැන් විදේශ රැකියාවලින් වැදගත් විදියට උපයන මුදල් වැදගත් ආකාරයට ලංකාවට එවන ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබාදීම ආරම්භ කර තිබෙනවා. ඒ අතරම ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඩොලර් 6550 දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තා. විදේශ ගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුපත් ඉදිරි සතියේදී හදුන්වාදීමට අපි කටයුතු කරනවා. ඒ වගේම තමන් උපයන මුදල් බැංකු ක්‍රමය හරහා නීත්‍යානුකූලව ලංකාවට එවන ශ්‍රමිකයින් සදහා සහන පොලීයට නිවාස ණය ලබාදීමටත් අපි කටයුතු කරනවා.” යැයි ද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here