Home උණුසුම් පුවත් “සතුටුයි” – IMF

“සතුටුයි” – IMF

“සතුටුයි” – IMF

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා සහාය දැක්වීම වෙනුවෙන් කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුට පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසයි.

මෙය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් බව ඇය පෙන්වා දී තිබේ.

පසුගියදා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලබාදෙන බව පවසමිනි.

මාස 48 ක වැඩපිළිවෙළක් යටතේ මෙය ක්‍රියාත්මක වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here