Home උණුසුම් පුවත් අතුරු අයවැයට ඡන්දෙ නොදෙන අය

අතුරු අයවැයට ඡන්දෙ නොදෙන අය

අතුරු අයවැයට ඡන්දෙ නොදෙන අය

පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී, විපක්ෂයට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ කණ්ඩායම සහ සමගි ජන බලවේග කණ්ඩායම ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමේ සූදානමක් පිළිබඳ වාර්තා වේ.

සජබ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ පොදුජන පෙරමුණු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා මේ බව පවසා ඇත.

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය ද අද දහවල් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සිය තීරණය පැවසීමට නියමිතය.

අද ප.ව. 04.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය තවදුරටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ අතුරු අයවැය තෙවනවර කියවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here