Home උණුසුම් පුවත් විදුලි යතුරුපැදි -පාපැදි -ටයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක් ආනයනයට සීමිත අවසරයක්

විදුලි යතුරුපැදි -පාපැදි -ටයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක් ආනයනයට සීමිත අවසරයක්

විදුලි යතුරුපැදි -පාපැදි -ටයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක් ආනයනයට සීමිත අවසරයක්

දැනට ආනයනය තහනම් කර ඇති විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි ,පාපැදි, ටයිල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය වර්ග රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඊයේ දිනයේ සිට මෙම අවසරය හිමිකර දී තිබේ.

බලපත්‍ර ක්‍රමයක් යටතේ විදුලියෙන් ක්‍රියාත්මක යතුරුපැදි හා පාපැදි ආනයනය කිරීමට අවසර දී ඇත.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවන අනුමත සහාධිපත්‍ය (Condominium) ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, හෝටල් ව්‍යාපෘති සහ රජයේ ව්‍යාපෘති සඳහා අදාළ ආනයන කිරීමට අවසර හිමිවෙයි.

අදාළ උපාංග ගෙන්විය යුත්තේ සෘජුව හෝ වක්‍රව නැවත විකිණීම අරමුණින් නොවන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ඩොලර් අර්බුදය හේතුවෙන් පැනවූ ආනයන සීමා යටතේ මේවා මෙරටට ගෙන්වීම වසර දෙකක් තිස්සේ තහනම් කර තිබුණි.

ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Gazette_No_2294-29-GAZZ-1.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here