Home උණුසුම් පුවත් හර්ෂගේ මුලසුනින් රජයේ මුදල් කාරක සභාව රැස්වෙයි

හර්ෂගේ මුලසුනින් රජයේ මුදල් කාරක සභාව රැස්වෙයි

හර්ෂගේ මුලසුනින් රජයේ මුදල් කාරක සභාව රැස්වෙයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පවත්වා තිබේ.

අද පැවති රැස්වීම නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමයි.

ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගිය දා තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා මෙම කාරක සභාවේ සභාපතිත්වයට පත් කරනු ලැබී ය.

මේ අනුව 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බැලුණු අතර ඒ සදහා අනුමතිය හිමිවිය.

මීට අතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ද කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

එසේම කාරක සභාවට ඉදිරිපත් කර තිබූ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග සදහාද 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සදහා සහ රේගු ආ‍ඥා පනත (235 වන අධිකාරිය) යටතේ යෝජනා සම්මතයන් සදහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here