Home උණුසුම් පුවත් උසාවි 10ක නඩු ඇති කට්ටි පැන්න ‘හාල් සමීර’ එස්.ටී.එෆ් දැලේ

උසාවි 10ක නඩු ඇති කට්ටි පැන්න ‘හාල් සමීර’ එස්.ටී.එෆ් දැලේ

0
උසාවි 10ක නඩු ඇති කට්ටි පැන්න ‘හාල් සමීර’ එස්.ටී.එෆ් දැලේ

මෙරට ප්‍රධාන හාල් ව්‍යාපාරිකයන්ගෙන් හාල් මිලදී ගෙන අගුරු චෙක්පත් ලබාදෙමින් මූල්‍ය වංචාවල නිරතව සිටින හාල් සමීර නැමැති පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මිනුවන්ගොඩ පත්තඩුවන පිහිටි නිවසක සැඟවී සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතාලියේ නිෂ්පාදිත රිවෝලවර 02ක් , චීනයේ නිෂ්පාදිත ෂොට්ගන් වර්ගයේ අවියක්, කඩුවක්, 09 මිලි මීටර් පතොරම් 10ක්, 0.38 වර්ගයේ පතොරම් 02ක්, බෝර 12 පතොරම් 11ක් සොයාගත් ආයුධ අතර ඇතැයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

මාරවිල, නාවුල, දෙහිඅත්තකණ්ඩිය,මිනුවන්ගොඩ,කුළියාපිටිය,මහව,මාරවිල, හම්බන්තොට,මීගමුව යන අධිකරණවල ඔහුට එරෙහිව වංචා කිරීම් සම්බන්ධයෙන් නඩු රැසක් ඇතැයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

එම අධිකරණවල විභාගවන නඩුවලට අදාලව ඔහු විසින් කර ඇති වංචා ප්‍රමාණය රුපියල් ලක්ෂ 245ට අධිකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here