Home උණුසුම් පුවත් සල්ලි අතට නොගෙන බස් එකේ යන්න ගෙවීම් කාඩ්පතක්

සල්ලි අතට නොගෙන බස් එකේ යන්න ගෙවීම් කාඩ්පතක්

සල්ලි අතට නොගෙන බස් එකේ යන්න ගෙවීම් කාඩ්පතක්

මාකුඹුර සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වන රථ සඳහා ගෙවීම් කාඩ්පතක් නිකුත් කෙරේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද එය හඳුන්වා දී ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) ‘E-ticketing සංකල්පය’ යටතේ බස් ටිකට්පත් වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් භාවිතා කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ අද (19) සිට මෙය දියත් කර තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, අණදෙන නිලධාරී (විශ්‍රාමික) නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, කොට්ටාව මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දක්වා ගමන් ගන්නා බස් රථවල මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි.

ටච් ට්‍රැවල් කාඩ් පද්ධතියේ මෘදුකාංගය නියමු ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට සූදානම් කර ඇති අතර එමඟින් පද්ධතිය පරීක්ෂා කර දෝෂ හඳුනා ගැනීමට බලධාරීන්ට ඉඩ ලබාදේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here