
මෙම වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ පමණක් හෙරොයින් කිලෝ 1007ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වැටලීම් 17,650කදී පුද්ගලයින් 17,597 දෙනෙක් අත්අඩංගුවට ගනිමිනි.
වැඩිම හොරායින් තොගයක් මෙම කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව විසින් මහ මුහුදේදී කළ මෙහෙයුම්වලිනි. මහ මුහුදේ කළ වැටලීම් 03කදී 29 දෙනෙක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ 917යි ග්‍රෑම් 40කි.
දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථාන මගින් වැටලීම් 17,914කදී 16,820 දෙනෙක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ 68යි ග්‍රෑම් 685කි.
photo – file photo