Home උණුසුම් පුවත් කෙහෙලියගේ නිවස ගිනිබත් කළ 3ක් අත්අඩංගුවට

කෙහෙලියගේ නිවස ගිනිබත් කළ 3ක් අත්අඩංගුවට

0
කෙහෙලියගේ නිවස ගිනිබත් කළ 3ක් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගිනි තබා හානි කිරීම් සම්බන්ධයෙන් මහනුවරදී සැකකරුවන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් මුල්ගම්පල සහ මහනුවර පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 25,29 හා 32 වයස්වල පසුවන්නන්ය.

ගාලුමුවදොර අරගලභූමියට එල්ලකෙරුණු ප්‍රහාරයෙන් පසු මැයි 09 වෙනිදා රටපුරා ඇති වූ නොසන්සුන් තත්ත්වය හමුවේ කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ නිවසට පහරදී ගිනි තබා තිබුණි.

මේ වන විට කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ නිවසට පහරදීම සම්බන්ධයෙන් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here