Home උණුසුම් පුවත් මහනුවර නිවසක හුදෙකලාව ජීවත්වූ වයෝවෘද්ධ මවකගේ ගෙල කපා මරාදමයි

මහනුවර නිවසක හුදෙකලාව ජීවත්වූ වයෝවෘද්ධ මවකගේ ගෙල කපා මරාදමයි

0
මහනුවර නිවසක හුදෙකලාව ජීවත්වූ වයෝවෘද්ධ මවකගේ ගෙල කපා මරාදමයි

මහනුවර අම්පිටියේ නිවසකට අද දහවල් කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙක් නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාවක් ගෙල කපා ඝාතනයකර පළාගොස් තිබේ.

මෙසේ ඝාතනයකර ඇත්තේ වයස අවුරුදු 65ක් වන කාන්තාවකි.

දෙමහල් නිවසක පහළ මහලයේ ඇය පදිංචිව සිට ඇති අතර ඉහළ මහලේ සිට ඇත්තේ කුලී නිවැසියන් පිරිසකි.

ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

නිවසේ කිසිදු දේපොලක් සොරා ගැනීමකට ලක්ව නැත. මෙම ඝාතනය කුමන අරමුණකින් සිදුවීදැයි අනාවරණය වී නැත.

මෙවැනිම ඝාතනයක් මාසයකට පෙර මහනුවර වෙළම්බඩද සිදුවිය. එහිදි ඝාතනය වී තිබුණේ 68 වැනි වියේ පසුවූ කාන්තාවකි. එම කාන්තාව ඝාතනයකර තිබුණේද ගෙල කපාය. ඇයද නිවසේ තනිවම ජීවත් වූ තැනැත්තියකි. ඝාතකයින් කිසිදු දේපොලක් එම නිවසින්ද සොරාගෙන නැත.

මෙම ඝාතන දෙකම එකම කණ්ඩායමක වැඩක්දැයි සැකයක් ඇතිව තිබේ. මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවසුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මේ ගැන විමර්ශන පවත්වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here