Home දේශීය පුවත් නිරෝධායන නීති කැඩූ 177 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 177 ක් අත්අඩංගුවට

0
නිරෝධායන නීති කැඩූ 177 ක් අත්අඩංගුවට

මුහුණු ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 177 දෙනෙකු ඊයේ (25) දිනයේ පමණක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

එම පුද්ගලයින්‍ ගෙන් 134 දෙනෙකු බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අයගෙන්ද පුද්ගලයින් 50 දෙනෙක් අත්අඩංගුවට ගෙගන ඇත්තේ කළුතරිනි. එම ගණන 50 කි. ගම්පහින් 45 දෙනෙක්ද, කොළඹින් 34 දෙනෙක්ද බස්නාහිර පළාතින් අත්අඩංගුවට ගෙන ඇති අය අතර සිටින බව අජිත් රෝහන මහතතා කීය.

සෞඛ්‍ය උපදෙස් පිළි නොගෙන නොසැලකිලිමත්ව ක්‍රියාකරන සෑම පුද්ගලයෙක්ටම එරෙහිව දැඩිව නීතියය ක්‍රියාත්මක කරන බව ද අජිත් රෝහන මහතා පැවැසීය. ඒ අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවද ඔහු සදහන් කළේය.

‍නිරෝධායන නීති බලගැන්වීමෙන් අනතුරුව ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනක දී නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්වූයේ ඊයේ දිනයේ බවද අජිත් රෝහණ මහතා පැවසීය.

එදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්අලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු ගණන 3,647කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here