Home උණුසුම් පුවත් මෙරට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සෙවීමේ පරීක්ෂණ අද සිට

මෙරට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සෙවීමේ පරීක්ෂණ අද සිට

මෙරට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සෙවීමේ පරීක්ෂණ අද සිට

ගෝලීයව සීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් වෛරසය මෙරට තුළට පැමිණ ඇත්දැයි සෙවීමේ පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මන්කිපොක්ස් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අද (08) සිට මෙරට තුළ පරීක්ෂණ සිදුකිරීම සඳහා පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී ඇත.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර ජාතික රෝහලට ඒවා ලබාදීමට නියමිත බව සඳහන් ය.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වෛරසය ගෝලීය පැතිරීමක් ප්‍රකාශයට පත්කර ඇත.

මේ වසරේ ජනවාරියේ සිට මේ දක්වා ආසාදිතයින් 28,000කට වඩා රටවල් ගණනාවකින් සොයාගෙන තිබේ.

ඒ අතරින් මරණ කිහිපයක් ද වාර්තා වී ඇත.

ඉන්දියාවේ ද ආසාදිතයෙක් සහ මරණයක් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here