Home උණුසුම් පුවත් දේශබන්දු ගැන අධිකරණයෙන් නීතිපතිට දැනුම් දීමක්

දේශබන්දු ගැන අධිකරණයෙන් නීතිපතිට දැනුම් දීමක්

0
දේශබන්දු ගැන අධිකරණයෙන් නීතිපතිට දැනුම්  දීමක්

ගෝල් ෆේස් අරගලකරුවන්ට පහරදීමේ සිදුවීමට අදාලව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් පිළිපැදීම පැහැර හැරීම සම්බන්ධයෙන් වහා මැදිහත් වී අවශ්‍ය පියවර ගන්නාලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තෙවතාවක් උපදෙස් නිකුත්කර ඇති බව මෙහදී මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ සහන් කළේය.

අද අධිකරණය හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුවේ බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සිදුකල විමර්ශන කටයුතු අවසන් බවත් එහි වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන බවත්ය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට කරුණු දක්වමින් සහන් කරනු ලබන්නේ දැනට ඉදිරිපත් වී ඇති කරුණු පමණක් ප්‍රමාණවත් නොවන බවය. විමර්ශනයේදී අනාවරණය වන සමස්ත සාක්ෂි අධ්‍යනය කිරීමන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බවද ඇය කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here