Home උණුසුම් පුවත් බොඳවූ ප්‍රංශ සිහිනය

බොඳවූ ප්‍රංශ සිහිනය

0
බොඳවූ ප්‍රංශ සිහිනය

මුහුදු මාර්ග ඔස්සේ ප්‍රංශය බලා බෝට්ටුවක නැගී ගමන් කිරීමට සූදානමින් සිටි පුද්ගලයින් 47 දෙනෙක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

ගමන් කිරීමට නියමිත යාත්‍රාව සූදානම්වන තුරු වෙන්නප්පුව කොලින්ජාඩියේ රැදී සිටියදී මෙම පිරිස කොටුකරගෙන ඇත්තේ ලද තොරතුරකට අනුව බව නාවික හමුදාව සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් 06 දෙනෙක් සහ දරුවන් තිදෙනෙක් සිටිති.

මෙම පිරිස මඩකලපුව,හලාවත, මාරවිල, ත්‍රිකුණාමලය, වව්නියාව ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මිනිස් ජාවාරම්කරුවන් මේ වන විට සිය ජාවාරම ප්‍රංශය දෙසට හරවා ඇත්තේ ඕස්ට්‍රේලියාවට දැන් ඇතුළුවීම ඉතා දුෂ්කර කටයුත්තක් වී තිබීමත් දිගික් දිගටම ඕස්ට්‍රේලියාව බලා යන පිරිස් සහ බෝට්ටු හසුවීමත් සැළකිල්ලට ගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here