Home උණුසුම් පුවත් ජපන් සමාගමකින් අල්ලස් ඉල්ලුවේ යැයි කියන චෝදනාවට අදාළ කමිටු වාර්තාව බාරදෙයි

ජපන් සමාගමකින් අල්ලස් ඉල්ලුවේ යැයි කියන චෝදනාවට අදාළ කමිටු වාර්තාව බාරදෙයි

ජපන් සමාගමකින් අල්ලස් ඉල්ලුවේ යැයි කියන චෝදනාවට අදාළ කමිටු වාර්තාව බාරදෙයි

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමට අනුව පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර දී තිබේ.

ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමට අනුව මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව පසුගිය ජූලි 22 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලදී.

පරීක්ෂණ කමිටුවේ සභාපතිනි විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත භාරදුනි.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන් එම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here