Home උණුසුම් පුවත් මන්දිර දෙකෙන් ඇඟිලි සලකුණු 1000ක් මතුවේ

මන්දිර දෙකෙන් ඇඟිලි සලකුණු 1000ක් මතුවේ

0
මන්දිර දෙකෙන් ඇඟිලි සලකුණු 1000ක් මතුවේ

ජනාධිපති මන්දිරයෙන් සහ අරගලියගහ මන්දිරයෙන් සැකකටයුතු ඇඟිලි සලකුණු 1000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන තිබේ.

ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට ඉකුත් 09 වෙනිදා අරගලකරුවන් කඩා වැදීමෙන් පසු එහි දේපොල වලට සිදුව ඇති හානි සම්බන්ධයෙන් කෙරන විමර්ශනවලට අදාලව පොලීසිය ඇගිලි සලකුණු පරීක්ෂාවක් සිදුකරනු ලැබීය.

ඒ අනුව කොළඹ 07 ටොරින්ටන් හී පිහිටි ඇගිලි සලකුණු කාර්යාංශයේ නිලධාරීන් විසින් කළ පරීක්ෂාවේදී එහි සටහන්ව තිබී සොයාගෙන ඇති ඇගිලි සලකුණු ගණන 1000කට වැඩි බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

එම ඇඟිලි සලකුණු අපරාධ ලේඛනාගාරයේ ඇති අපරධකරුවන්ගේ ඇගිලි සටහන් සමඟ සැසදීමක් මේ වන විට සිදු වෙමින් ඇතැයි පොලීසිය කියයි.

ඉදිරියේදී එම මන්දිර දෙකට හානි කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයින්ගේ ඇඟිලි සටහන් සමග සොයාගත් ඇඟිලි සටහන් සැසදීමක්ද කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here