Home උණුසුම් පුවත් 9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන්

9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන්

9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන්

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් ජනාධිපතිවරයා විසින් ලබන 03 වැනිදා පෙරවරු 10.30ට විවෘත කිරිමට සැලසුම් කර තිබේ.

එම අවස්ථාවට සහභාගි වන්නැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සියලු මන්ත්‍රීවරයන්ට ලිපි මගින් දැනුම්දීමක් කර ඇත.

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ කිරිමට අදාළ පහත සඳහන් ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ (http://www.parlaiment.lk) දැනටමත් උඩුගත කොට ඇති බව ද මහලේකම්වරයා දන්වා සිටී.

ඒ අනුව දෙවැනි සභාවාරය වාර අවසාන කරමින්  ජනාධිපතිවරයා  විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය ඇතුළත් 2022.07.28 දිනැති අංක 2290/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය, නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත්ත කිරීමට අදාළ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සහ එදිනට අදාළ විස්තර සටහන මෙසේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළින් ලබාගත හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here