Home උණුසුම් පුවත් සහල් – කිරිපිටි – ඖෂධ මෙට්‍රික් ටොන් 38ක් දිවයිනට

සහල් – කිරිපිටි – ඖෂධ මෙට්‍රික් ටොන් 38ක් දිවයිනට

සහල් – කිරිපිටි – ඖෂධ මෙට්‍රික් ටොන් 38ක් දිවයිනට

මානුෂීය ආධාර වශයෙන් ඉන්දීය ජනතාව විසින් මෙරටට ඉන්දියාවෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 22 ක වටිනාකමින් යුත් සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 500 ක් සහ ඖෂධ ඇතුළු අනෙකුත් වෛද්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 102 ක් අදියර තුනක් යටතේ මෙරටට ලැබී තිබේ.

නිවෙිදනයක් නිකුත් කරමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම ආධාර තොගයේ අවසන් මානුෂීය ආධාර තොගයේ අවසන් කොටස අද කොළඹ වරායට ළඟා වූ බවයි.

එම ආධාර අතරට සහල් මෙට්‍රික් ටොන් 16,595 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 200 ක් සහ ඖෂධ ඇතුළු අනෙකුත් වෛද්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 38 ක් ඇතුළත් ය.  

මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් එස්.ටී. කොඩිකාර ඇතුළු පිරිසක් එම පරිත්‍යාගය පිළිගෙන තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here