Home උණුසුම් පුවත් පාදයක් අහිමි වෑන් රථ රියදුරා ගැබිණි මව සහ සැමියා බිලිගනී

පාදයක් අහිමි වෑන් රථ රියදුරා ගැබිණි මව සහ සැමියා බිලිගනී

0
පාදයක් අහිමි වෑන් රථ රියදුරා ගැබිණි මව සහ  සැමියා බිලිගනී

වම් පාදය අහිමිව කෘතිම පාදයකින් සිටින පුද්ගලයෙක් විසින් පැදවූ වෑන් රථයකට යටවී ගැබිණි මවක් සහ ඇගේ සැමියා අද සවස මිය ගොස් තිබේ.

බුත්තල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බුරුත හංදියේදී මෙම අනතුර සිදුව ඇත.

බුත්තල දෙස සිට වැල්ලවාය දෙසට මෙම වෑන් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති අතර රියදුරුට එය පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි මෙම යුවල යටකර ධාවනය වී ඇති බව පොලීසිය කියයි.

වෑන් රථ රියදුරු අනතුරින් පසු පළා ගොස් සැඟවී සිට ඇත. පොලීසිය පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය ගැබිණි මව අවුරුදු 32 වයසැති තැනැත්තියක් වන අතර ඇගේ සැමියා 37 වන වියේ පසුවූවෙකි. ඔවුන් දෙදෙන බුත්තල කුඩාඔය වෙහෙරගල මාවතේ නිවසක කුළියට පදිංචිව සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here