Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියානු පාර්ලිමේන්තුව විසින් ජුලි 19 වැනි දින සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා තිබේ.

එරට මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් නිර්මලා සීතාරාමන් සහ එස් ජයශංකර් යන අමාත්‍යවරුන් විසින් රැස්වීමේදී කරුණු සාරාංශයක් ඉදිරිපත් කරනු ඇති බව පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රහද් ජෝෂි පැවසූ බවය.

මීට පෙර දින ද පාර්ලිමේන්තුවේ දී තමිල්නාඩුව පදනම් කරගත් DMK සහ AIADMK පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය, විශේෂයෙන් රටේ දෙමළ ජනගහනයේ තත්වය පිළිබඳ කරුණු මතු කර ඇත.

ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට ඉන්දියාව මැදිහත් විය යුතු බව එම දෙපාර්ශවය එහිදී ඉල්ලා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේ තමන් තවදුරටත් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් පවතින අර්බුදය “ප්‍රජාතන්ත්‍රවාදීව සහ ව්‍යවස්ථාමය රාමුවකින්” සාමකාමීව විසඳීමට තම සහය ලැබෙන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here