Home උණුසුම් පුවත් ජනපති සටනට සජිත්: සමගි ජන සන්ධානයම අත උස්සයි

ජනපති සටනට සජිත්: සමගි ජන සන්ධානයම අත උස්සයි

ජනපති සටනට සජිත්: සමගි ජන සන්ධානයම අත උස්සයි

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් රැස්විය.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තමන් ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර දැනුම් දුන් අතර එය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.

එම යෝජනාව සම්මත කිරීම අද නැවත තහවුරු කරනු ලැබීය.

ඊට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක් සමග අද තවත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතය.

ජනපතිවරයාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (16) පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 19 වැනිදා උදෑසන සිදුකෙරෙන අතර ජනාධිපතිවරයා පත්කර ගැනීමට ලබන 20 වැනිදා සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here