Home උණුසුම් පුවත් ජනපති මන්දිරයෙන් හමුවු සල්ලි හෙට උසාවියට

ජනපති මන්දිරයෙන් හමුවු සල්ලි හෙට උසාවියට

ජනපති මන්දිරයෙන් හමුවු සල්ලි හෙට උසාවියට

ජනාධිපති මන්දිරය තුළ තිබී හමුවූ රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක (17,850,000ක) මුදල සම්බන්ධයෙන් හෙට (11) අධිකරණය දැනුවත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

එම මුදල් ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන්ට හමුවී තිබූ අතර පසුව ඔවුන් ඒ පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකුට දැනුම් දී පසුව කොටුව පොලිස් ස්ථානයට යොමු කර තිබුණි.

එහි ස්ථානාධිපති විසින් සිවිල් පුරවැසියන්ගෙන් නිසි පරිදි එම මුදල් භාර ගෙන රැගෙන විත් දැනට එම මුදල් පොලිස් ස්ථානය භාරයේ තබා ඇත.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here