Home උණුසුම් පුවත් අගමැතිගේ නිවස ගිනිතැබීමේ විමර්ශන සී.අයි.ඩී.යට

අගමැතිගේ නිවස ගිනිතැබීමේ විමර්ශන සී.අයි.ඩී.යට

0
අගමැතිගේ නිවස ගිනිතැබීමේ විමර්ශන සී.අයි.ඩී.යට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස් වැනි පටුමගේ පිහිටි නිවස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාාර්තමේන්තුවට භාරදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් මේ වන විටත් ගිනි තැබූ එම නිවසට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භකර ඇත.

මෙම ගිනි තැබීම සංවිධානාත්මකව සිදුකර ඇති ගිනි තැබීමක් බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

නිවසට ගිනි තැබීමට ඉන්ධන රැගෙන ආ බවට සැකකරන කෑන් එකක්ද එහි තිබී හමුවී ඇත.

මෙම ගිනි තැබීම සිදුවන විට නිවස ඇතුළට කඩාවැදී සිටි පිරිස අතරින් තිදෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අවුරුදු 24ත් 19ත් අතර පසුවන්නන්ය. ඔවුන් ජා-ඇල, ගල්කිස්ස සහ ගාල්ලේ පදිංචිරුවන් බව පොලීසිය සඳහන් කළේය.

ගින්නෙන් නිවසට දැඩි ලෙස හානි වී ඇති අතර මිල කළ නොහැකි පොත් එකතුවක් පැවති පුස්තකාලය ද විනාශ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here