Home උණුසුම් පුවත් ගාල්ලේ පිරවුම්හලක ගැටුමකින් අයෙක් මරුට – 4කට තුවාල

ගාල්ලේ පිරවුම්හලක ගැටුමකින් අයෙක් මරුට – 4කට තුවාල

ගාල්ලේ පිරවුම්හලක ගැටුමකින් අයෙක් මරුට – 4කට තුවාල

ගාල්ල වරාය පොලිස් වසමේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සදහා විශාල පිරිසක් පැමිණ සිටින අතරතුරදී දෙපිරිසක් ගැටුමක් ඇති කරගෙන ඇත.

ගැටුමෙන් මිය‍ගොස් ඇත්තේ 25 වියැති උඩුමුල්ල වත්ත යටගල වංචාවල යන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගැටුමෙන් පසු ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද අලුයම 1ට පමණ මියගොස් ඇති අතතර වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here