Home උණුසුම් පුවත් ආර්ථික මධ්‍යස්ථානවලට එන බඩු ලොරිවලට තෙල් දෙන්න වෙනම තැන්

ආර්ථික මධ්‍යස්ථානවලට එන බඩු ලොරිවලට තෙල් දෙන්න වෙනම තැන්

ආර්ථික මධ්‍යස්ථානවලට එන බඩු ලොරිවලට තෙල් දෙන්න වෙනම තැන්

ආර්ථික මධ්‍යස්ථාන සදහා භාණ්ඩ ප්‍රවාහනය සහ බෙදාහරින රජයේ සහ පෞද්ගලික අංශයේ ලොරි රථ සඳහා ත්‍රිවිධ හමුදාවේ ඉන්ධන පිරවුම්හල්වලින් සහ රජයේ ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

සියලුම දිස්ත්‍රික්කවල තොග වෙලදාමේ යෙදෙන ලොරි රථ සඳහා මෙලෙස ඉන්ධන නිකුත් කෙරේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි, ඊයේ (2) සිට මෙලෙස ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන ලදී.

යුධ හමුදාව සහ පොලිසිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණයකට අනුව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව මෙරට දැනට සක්‍රීය තත්ත්වයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන 13 සදහා භාණ්ඩ රැස් කරන සහ බෙදා හරින ලොරි රථ සදහා අපේක්ෂිත ඉන්ධන ප්‍රමාණය එම ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නයේ පිහිටි ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හල් මගින් නිකුත් කරනු ඇත.

තවද සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් විසින් නිර්දේශ කරන ලද තොග වෙළෙදාමේ නිරත වන ලොරි රථ වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අදාළ සියළුම ඩිපෝ වලින් සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හල් මඟින් ලබා දෙනු ලැබේ.

එම ඉල්ලීම ඉටු කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැස් කරන හා බෙදා හරින රජයේත්, පෞද්ගලික අංශයේත් ලොරි රථ සඳහා එම තොරතුරු ඇතුළත් කිරීමට ආකෘති පත්‍රයක් මේ වන විට නිකුත් කර ඇත.

දිවයින පුරා පිහිටි වෙළෙඳසැල්වලට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ජාලය අඛණ්ඩව පවත්වා ගෙන යාම මෙම කාර්යයයේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here