
ඇඹිපිටියේ පිහිටි ඉන්ධන පිරවුම්හල තුළ ඇතිවූ නොසන්සුන් තාවයක් පාලනය කිරීමට මැදිහත් වූ හමුදා සෙබලෙක් පිහි ඇණුමකට ලක්ව අද සවස රෝහල් ගතකර තිබේ.
එම සෙබලාගේ ගිනි අවියද කළහාකාරීව සිටි එම පුද්ගලයා උදුරාගෙන ඇති බවද ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කරයි.
මෙම ඉන්ධන පිරවුම්හලට අද ඉන්ධන ලැබී ඇත්තේ දින 05කට පසුවය. පැය කිහිපයක් තුළ එම ඉන්ධන තොගය අවසන් වීමත් සමඟ ඉන්ධන අපේක්ෂාවෙන් පොලිමේ සිටි ජනතාව ඒ සම්බන්ධයෙන් නොසන්සුන් වී ඇති බව ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කරයි.
ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් තත්ත්වය පාලනය කිරීමට මැදිහත්වූ අවස්ථාවේදී කලහාකාරී පුද්ගලයෙක් මෙසේ හමුදා සාමාජිකයාට පිහියකින් ඇන තුවාල කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ කදුරුගස්ආර ඉන්ජිනේරු බලකා කඳවුරට අනුයුක්ත හමුදා සාමාජිකයෙකි.