
තොග රැස්කර කළුකඩේ මිලට අලෙවිකරමින් තිබුණු ඉන්ධන ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කළ වැටලීම් වලින් අත්අඩංගුවට ගෙන තිබේ.
එය ආසන්න වශයෙන් ඉන්ධනහල් වෙත ගොඩබාන බවුසර් 15කට සමානය.
පෙට්‍රල් ලීටර් 27,001ක්, ඩීසල් ලීටර් 56,323ක්, භූමිතෙල් ලීටර් 19,195ක් එම ඉන්ධන අතර වේ.
වැටලීම් 953කදී මෙම ඉන්ධන තොගය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 884 දෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.