Home උණුසුම් පුවත් මිද්දෙණියේ මල්ශාලා හිමිකරුගේ ඝාතනය කොන්ත්‍රාත්තුවක්?

මිද්දෙණියේ මල්ශාලා හිමිකරුගේ ඝාතනය කොන්ත්‍රාත්තුවක්?

0
මිද්දෙණියේ මල්ශාලා හිමිකරුගේ ඝාතනය කොන්ත්‍රාත්තුවක්?

මිද්දෙණියේ පිහිටි මල්ශාලාවක හිමිකරු ඝාතනය තවත් මල්ශාලාවක හිමිරුවෙකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක්දැයි සැකයක් මේ මතුවී තිබේ.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවෙක් ටී 56 අවියකින් වෙඩිතබා මල්ශාලා හිමිකරුව ඝාතනයකර පළායන්නේ අද පෙරවරුවේදීය.

ඝාතනය වූ මල්ශාලා හිමිකරු මෙම මල්ශාලාව ආරම්භකර ඇත්තේ මාස කිහිපයකට පෙරය. ඊට පෙර ඔහු වෙනත් මල්ශාලාවක සේවය කර ඇති බව පොලීසිය සඳහන් කරයි. ඝාතනය වූ පුද්ගලයාගේ මල් ශාලාව ජනප්‍රියවීම මෙම ඝාතනයට මුල්වී ඇති බවට තොරතුරු පොලීසියට ලැබී තිබේ.

අද උදෑසන ඔහු සිය නිවසේ සිට පැමිණ මල් ශාලාව විවෘත කරනවාත් සමඟ මෙම වෙඩිතැබීම සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here