Home උණුසුම් පුවත් අල්ලන්න සොයමින් සිටි අරගලකරුවන් 7ක් මරදාන පොලීසියට එති

අල්ලන්න සොයමින් සිටි අරගලකරුවන් 7ක් මරදාන පොලීසියට එති

0
අල්ලන්න සොයමින් සිටි අරගලකරුවන් 7ක් මරදාන පොලීසියට එති

කොළඹ කොටුවේ මර්ග කිහිපයක සහ පොලිස් මූලස්ථානය ඉදිරිපිට කළහාකාරී ලෙස හැසිරෙමින් ඉකුත් 09 වෙනිදා විරෝධයක නිතර වීමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අරගලකරුවන් 09 දෙනාගෙන් 07 දෙනෙක් මරදාන පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබේ.

ලහිරු චතුරංග වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා, ජගත් මධුවර්ණ , ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි සහ

රත්කරව්වේ ජිනරතන යන හිමි මෙසේ මරදාන පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගැනීමට එම 09 දෙනාගෙන් ඉතිරිව ඇත්තේ වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත්කරන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here