Home උණුසුම් පුවත් කට වරද්දාගෙන ඉල්ලා අස්වූ ලංවිම හිටපු සභාපති යළි කෝප් කමිටුවට කැඳවයි

කට වරද්දාගෙන ඉල්ලා අස්වූ ලංවිම හිටපු සභාපති යළි කෝප් කමිටුවට කැඳවයි

කට වරද්දාගෙන ඉල්ලා අස්වූ ලංවිම හිටපු සභාපති යළි කෝප් කමිටුවට කැඳවයි

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ලබන 23 යළි කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

මේ අතර මීට පෙර කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ, මෙගාවොට් 500 ක පුනර්ජනනීය විදුලි ව්‍යපාතීය අදානි සමාගමට ලබාදෙන්නැයි මෝදි අගමැතිවරයා බලකරන බව ජනාධිපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි.

නමුත් පසුව මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත් ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ, මානසික ආතතිය මත එවැනි ප්‍රකාශයක් කළ බවයි.

පසුව ජනාධිපතිවරයා ද වහා නිවේදනයක් නිකුත් කරමින් ෆර්ඩිනැන්ඩු මහතාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේ ය.

කෙසේ වෙතත් පසුව ෆර්ඩිනැන්ඩු මහතා පසුගිය 13 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here