Home උණුසුම් පුවත් මිලියන120 ක් වටිනා කේරළ ගංජා කිලෝ 543ක් පෙරිය පාඩු වෙරළෙන් මතුවෙයි

මිලියන120 ක් වටිනා කේරළ ගංජා කිලෝ 543ක් පෙරිය පාඩු වෙරළෙන් මතුවෙයි

0
මිලියන120 ක් වටිනා කේරළ ගංජා කිලෝ 543ක් පෙරිය පාඩු වෙරළෙන් මතුවෙයි

මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට ආ බවට සැකකරන කේරල ගංජා කිලෝ 543ක් නාවික හමුදාව උඩප්පුව පෙරියපාඩු වෙරළේ තිබී සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව එම වෙරළ තීරයේ අද අළුයම් කාලයේ කළ පා මුර සංචාරයකදී පාර්සල් 173 ක අසුරා තිබුණු මෙම කේරල ගංජා තොගය හමුවී ඇත. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 120ක් වනු ඇතැයි නාවික හමුදාව පවසයි.

මෙම ගංජා තොගය වෙරළේ තිබී ඇත්තේ මුහුදෙන් පාවී ඇවිත් බවත් නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට මෙම ගංජා තොගය රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා පලා යන්නට ඇතැයි විශ්වාස කරන බවත් නාවික හමුදාව සඳහන් කරයි. එම ගංජා පාර්සල් තොගය වෙරළට පාවී එන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කරයි.

විමර්ශන කටයුතු සඳහා ගංජා තොගය උඩප්පුව පොලිස් ස්ථානයට භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here