Home උණුසුම් පුවත් අන්තවාදියෙක් කියා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අල්ලා නිදහස් කළ ව්‍යාපාරිකයා ගිනි අවි රැසක් සමඟ කොටුවේ

අන්තවාදියෙක් කියා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අල්ලා නිදහස් කළ ව්‍යාපාරිකයා ගිනි අවි රැසක් සමඟ කොටුවේ

0
අන්තවාදියෙක් කියා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අල්ලා නිදහස් කළ ව්‍යාපාරිකයා ගිනි අවි රැසක් සමඟ කොටුවේ

කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරයක නිරතව සිටින ව්‍යාපාරිකයෙක් ගිනි අවි රැසක් සමඟ අත්අඩංගුවට ගැනීමට වත්තල පොලීසියේ නිලධාරීන් සමත්ව ඇත.

පාස්කු ප්‍රහාරයත් සමඟ ජනතාව ලබාදුන් තොරතුරකට මෙම පුද්ගලයාව අන්තවාදී සැකකරුවෙක් ලෙස 2019 වසරේ අත්අඩංගුවට ගෙන සිටියෙකි. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව මුදාහැර තිබේ.

මෙම පුද්ගලයා පුත්තලම එළුවන්කුලමේ කාබනික පොහොර ව්‍යාපාරය පවත්වාගෙන යන බවත් ඔහු වත්තල මාබෝලේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය සඳහන් කරයි.

එළුවන්කුලමේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැඟවූ ගිනි අවි සොයාගෙන ඇත්තේ වත්තල මාබෝලේ වඳුවත්තේ පිහිටි මිතුරෙකුගේ නිවසක සඟවා තිබියදීය. එම මිතුරා එක්සත් එමීර් රාජ්‍යයේ රැදී සිටින්නෙක් බවත් නිවසේ මුරකරුගේ සහයෙන් ගිනි අවි එහි සඟවා තිබී ඇති බවත් පොලීසිය කියයි.

විදේශ රටක නිෂ්පාදිත එම ගිනි අවි අතර ඩබල් බැරල් වර්ගයේ ගිනි අවි දෙකක්, තනි බැරලයේ ගිනි අවි 01ක්, 0.22 වර්ගයේ පතොරම් යොදන ගිනි අවි 02ක් තිබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here