Home උණුසුම් පුවත් සිකුරාදා නිවාඩු රාජ්‍ය සේවකයන්ට අතිකාලෙට ආ අලුත් සීමාව

සිකුරාදා නිවාඩු රාජ්‍ය සේවකයන්ට අතිකාලෙට ආ අලුත් සීමාව

සිකුරාදා නිවාඩු රාජ්‍ය සේවකයන්ට අතිකාලෙට ආ අලුත් සීමාව

රජයේ නිලධාරීන්ට නිවසේ සිට කෘෂිකාර්මික කටයුතුවල නිරතවීමට ඉඩ සලසමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රජයේ නිලධාරීන්ට මාස තුනක කාලයක් මෙලෙස සිකුරාදා දිනවල නිවාඩු හිමිවන අතර තමන්ගේ ගෙවත්තේ ආහාර භෝග වගා කිරීමට ඔවුන් එම දිනය යොදා ගතයුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

දැනටමත් නිවසේ සිට වැඩ කරන්න රාජ්‍ය නිලධාරීන්ට සහ සේවා සේවාමුර ක්‍රමයට රාජකාරි කරන නිලධාරීන්ට මෙම ක්‍රමය අදාළ නොවන බවද එහි සඳහන් වේ.

සිකුරාදා නිවාඩු ලබා ගන්නා රාජ්‍ය නිලධාරින්ට පසු දිනවල එනම් සෙනසුරාදා සහ ඉරිදා අතිකාල සේවයේ දීම යෙදීම තහනම් බවට එම චක්‍රලේඛයේ සඳහන් වේ.

සතියේ වැඩකරන දින පහ ඇතුළත සිකුරාදා හැර වෙනත් දිනයක් නිවාඩු දිනයක් ලෙස යෙදී තිබුණහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය රාජකාරි දිනයක් ලෙස සැළකිය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/1655366884-15-2022-s.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here