Home උණුසුම් පුවත් මුහුදෙන් ඕස්ට්‍රේලියා පනින්න හැදූ 64ක් නේවි එකට කොටුවේ

මුහුදෙන් ඕස්ට්‍රේලියා පනින්න හැදූ 64ක් නේවි එකට කොටුවේ

0
මුහුදෙන් ඕස්ට්‍රේලියා පනින්න හැදූ 64ක් නේවි එකට කොටුවේ

බහුදින ධීවර යාත්‍රාවක නැගී ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 64දෙනෙක් ත්‍රිකුණාමලය මුහුදේදී ⁣නාවික හමුදාවට අද අලුයම කොටුවී ඇත.

එම 64 දෙනා අතර මුහුදු ගමන සංවිධානය කළ පුද්ගලයින් 07දෙනෙක් ඇතුළුව පිරිමි පුද්ගලයින් 50 දෙනෙක්ද කාන්තාවන් 11 දෙනෙක්ද ළමුන් 03දෙනෙක්ද සිටින බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම පිරිස මුලතිව්, ත්‍රිකුණාමලය සහ යාපනයේ පදිංචිකරුවන්ය.

රුපියල් ලක්ෂ07ත් 10ත් අතර මුදලක් මෙම ගමන වෙනුවෙන් ගෙවා ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පිරිස ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට රැගෙනවිත් භාරදී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනවසර සංක්‍රමණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් කණ්ඩායමක්ද විමර්ශද සඳහා සම්බන්ධ වී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here