Home උණුසුම් පුවත් මෝල් හිමියන් – වී ගබඩා හිමිකරුවන් පාලනය කරන්නත් අලුත් නීති එයි

මෝල් හිමියන් – වී ගබඩා හිමිකරුවන් පාලනය කරන්නත් අලුත් නීති එයි

0
මෝල් හිමියන් – වී ගබඩා හිමිකරුවන් පාලනය කරන්නත් අලුත් නීති එයි

ඉදිරියේදී සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා ය.

ණය ලබා දීමේදි රජයේ මූල්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ණය ලබාදීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බැංකුවලට දැනුම් දුන් අගමැතිවරයා ණය ලබාදීමේ ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ලෙස මහබැංකුවට සහ භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

සහල් මෝල් හිමියන් විසින් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා නොදීම මෙන්ම සහල් තොග සගවා ගැනීම් ද සිදුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළේය.

සහල් මෝල් හිමියන් විසින් මුහුණ දෙන මූල්‍ය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (15) පැවැති මේ සාකච්ඡාවට රාජ්‍ය සහ වාණිජ බැංකු නියෝජිතයින්, මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here