Home උණුසුම් පුවත් 63 වසරක් තුළ මන්ත්‍රීලා 45ක් ඝාතනයට ලක්වෙලා – ඩලස්

63 වසරක් තුළ මන්ත්‍රීලා 45ක් ඝාතනයට ලක්වෙලා – ඩලස්

63 වසරක් තුළ මන්ත්‍රීලා 45ක් ඝාතනයට ලක්වෙලා – ඩලස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45 ක් 1959 සිට මේ දක්වා ඝාතනයට ලක්වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එදා සිට අද දක්වා මන්ත්‍රීවරුන් ඝාතනයට ලක්වීම පිටුපස ඇති දේශපාලනය නිවැරදිව කියවා ගැනීමට කාලය එළැඹ ඇති බව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කීය.

ඝාතකයන්ට අනුව එම මන්ත්‍රීවරු දරන දේශපාලන මතවාදයේ ගැටලුව මීට හේතු‍වී ඇති බව ද මන්ත්‍රීවරයා කීය.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ එසේ නොවුණහොත් ආසන්න දිනයකදී තමා පිළිබඳවත් නැතිනම් තවත් මන්ත්‍රීවරු පිළිබඳවත් මෙවැනිම ශෝක යෝජනා ඉදිරිපත් වනු ඇති බවය.

පසුගියදා සිදුවූ අරගල අතරතුර ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරාල මහතා පිළිබද ‍පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ශෝක යෝජනාව අතරතුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙම කරුණු ඉදිරිපත් කළේය.

1959 සිට මාස 19කට වරක් ද, 1980 සිට සෑම වසරකට වරක්ම මන්ත්‍රී ඝාතනයයක් සිදුව ඇති බවට හෙළිිවූයේ යැයි ද මන්ත්‍රීවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here