Home උණුසුම් පුවත් යූරියා ගන්න ඉන්දියාවෙන් ලැබෙන ණය මුදලට ගිවිසුම අත්සන් තබයි

යූරියා ගන්න ඉන්දියාවෙන් ලැබෙන ණය මුදලට ගිවිසුම අත්සන් තබයි

0
යූරියා ගන්න ඉන්දියාවෙන් ලැබෙන ණය මුදලට ගිවිසුම අත්සන් තබයි

යල කන්නයේ ක්ෂණික යූරියා හොර ඉල්ලුම සපුරා ගැනීමට ඩොලර් මිලියන 55 ක ඩොලර් ණයක් ලබා ගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය ඉන්දීය EXIM බැංකුව සමග එම ගිවිසුමකට අත්සන් තබා තිබේ.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ඉල්ලා සිටි ණය පහසුකම සපුරාලමින් මෙම ගිවිසුම අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එම්. සිරිවර්ධන මහතාත් ඉන්දීය EXIM බැංකුව වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී නිර්මිත් නරේන්ද්‍රන් වෙඩ් මහතාත් ණය ගිවිසුමට අත්සන් තබා තිබේ.

අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here