Home දේශීය පුවත් ඉතාලියේදී අභිරහස් ලෙස වෙඩි වැදුණු තරුණයෙ කුගේ සිරුර මෙරටට

ඉතාලියේදී අභිරහස් ලෙස වෙඩි වැදුණු තරුණයෙ කුගේ සිරුර මෙරටට

0
ඉතාලියේදී අභිරහස් ලෙස වෙඩි වැදුණු තරුණයෙ කුගේ සිරුර මෙරටට

ඉතාලියේ ඇප්‍රේනියා නගරයේ පිහිටි ගෝල්ෆ් ක්‍රීඩා සමාජයක මුරකරුවෙක් ලෙස සේවයේ නිරතව සිටියදී අභිරහස් ලෙස වෙඩි වැදීමකින් මිය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ (18) සවස මෙරටට රැගෙන විත් ඇත.

තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් එම මළ සිරුර රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මියගොස් ඇති පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකි. ඉතාලියේදී ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ. වෙඩි තබාගෙන ඔහු සිය දිවි හානිකරගෙන ඇතැයි එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වන බව අජිත් රෝහන මහතා කීය. වෙඩි වැදුනු සලකුණු ඇත්තේ ඔහුගේ හිස හෝ පපු ප්‍රදේශයේ නොවන බවත් මරණය සම්බන්ධයෙන් මීගමුව රෝහලේදී නැවත පශ්චාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බවත් අජිත් රෝහන මහතා සදහන් කළේය.

මෙම තරුණයාගේ මවද ඉතාලියේ සේවය කර ඇති බවත් ඇයද මේ වන විට මෙරටට පැමිණ ඇති බැවින් මරණය සම්බන්ධයෙන් ඇගෙන් යම් තොරතුරක් අනාවරණය කර ගනීමට හැකිවනු ඇති බවත් අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here