Home උණුසුම් පුවත් මොරටු සරසවියට වැඩිපුර සිසුන් බඳවා ගැනීමට ආචාර්යවරු එරෙහි වෙති

මොරටු සරසවියට වැඩිපුර සිසුන් බඳවා ගැනීමට ආචාර්යවරු එරෙහි වෙති

මොරටු සරසවියට වැඩිපුර සිසුන් බඳවා ගැනීමට  ආචාර්යවරු එරෙහි වෙති

අංජනා මල්ලවආරච්චි

මොරටුව විශ්ව විද්‍යාලයේ මෙවර නියමිත ප්‍රමාණයට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට විරෝධය දක්වමින් මෙම විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

සාමාන්‍යයෙන් එම විශ්වවිද්‍යාලයට වසරකට ඇතුලත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා 600ක් වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙවර ඇතුළත් කරගෙන ඇතැයි ද මෙය විශ්වවිද්‍යාලයට දරාගත නොහැකිව ඇතැයි ද මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය එච් කේ ජී ඒ හේවා මහතා පැවසීය.

භෞතික සම්පත් වැඩි නොකර ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම විශ්වවිද්‍යාලය දැඩි අර්බුදයකට ගමන් කරනු ඇතැයි ද පැවැසීය .

2019 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සමතුන්ගේ විශ්වවිද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම නිසා මෙම අර්බුදය ඇතිවී ඇතැයි ද එම නිසා එම සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කර ඇතැයි ද ලේකම්වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here