Home දේශීය පුවත් උණුසුම් පුවත් එස්.ඩී.අයි.ජීලාගේ මාරුවීම්වලදී පොලිස් ලේකම් බලය ඉක්මවා වැඩකරලා

එස්.ඩී.අයි.ජීලාගේ මාරුවීම්වලදී පොලිස් ලේකම් බලය ඉක්මවා වැඩකරලා

0
එස්.ඩී.අයි.ජීලාගේ මාරුවීම්වලදී පොලිස් ලේකම් බලය ඉක්මවා වැඩකරලා

මෑකදී සිදුකළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ස්ථාන මාරුව පවරා ඇති බලතල ඉක්මවා කටයුතු කිරීමක් බැවින් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවකක් දින තුනක් ඇතුලත ඉදිරිපත්කරන ලෙස රාජ්‍ය සේවා කොමිසම විසින් මහජන ආරක්ෂක ලේකම්වරයාට නියෝගයක් නිකුත්කර තිබේ.

රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එම්ඒ.බී.දයා සෙනෙරත් මහතාගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇත්තේ ඊයේ දිනයේදීය.

එම ලිපියෙහි දක්වා ඇති ආකාරයට අනුව එම ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිසම විසින් දැන ගන්නේද මාධ්‍ය වාර්තා මඟිනි.

කොමිසම ඊයේ දිනයේ රැස්වීමෙන් පසු ඒ ගැන විශේෂ අවධානයක් යොමුකර ඇති අතර ඒ වන තුරුත් එම ස්ථාන මාරුව කොමිසමේ අනුමැතියට ඉදිරිපත්කර තිබී නැත.

එම ලිපියෙන් රාජ්‍ය සේවා කොමිසම විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට අවධාරණය කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් අනුමත කරනු ලැබූ පටිපාටිවලට අනුකූලව ස්ථානමාරු කිරීමේ බලතල 2020 නොවැම්බර් මස 20 දිනැති අංක 222/24 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කොමිෂන් සභාව විසින් මහජන ආරක්ෂක ලේකම්වරයාට පවරා ඇති නමුත් එම ස්ථානමාරු කිරීමේ පටිපාටි කිසිවක් මේ වන තෙක් මෙම කොමිෂන් සභාවේ අනුමැතියට ඉදිරිපත්කර නොමැති බවය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/ජ්‍යෙ.නි.පො.ප.වරුන්-ස්ථානමාරු-කිරිම.pdf” title=”ජ්‍යෙ.නි.පො.ප.වරුන් ස්ථානමාරු කිරිම”]
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/crtm_436.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here