Home දේශීය පුවත් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට

0
කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට

කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යලය ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇත.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී 56 අවියකින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලීසිය කියයි.

බස් රථයකට ගොඩවීමේ අපේක්ෂාවෙන් රැදී සිටි තිදෙනෙකු ඉලක්කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. වෙඩි වැදී ඇත්තේ ඒ අයගෙන් දෙදෙනෙකුට පමණක් බවත් එක් අයෙක් මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් අනතුරුව බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here