Home දේශීය පුවත් පොලිස් ඇමතියි පොලිස්පතියි නීතිපතිව හමුවීමේ සූදානමක්

පොලිස් ඇමතියි පොලිස්පතියි නීතිපතිව හමුවීමේ සූදානමක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද නීතිපති හමුවීමට නියමිතව ඇත.

මෙම හමුවීම පෙරවරු 10.00 ට පමණ සිදුවීමට නියමිතව ඇති බව සඳහන්ය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතා වැඩ භාරගැනීමෙන් පසු බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී පොලිස්නි නිලධාරීන් විසින් පෙන්වා දුන් රාජකාරි ඉටුකිරීමේදී පොලිස් නිලධාරීන්ට ඇතිවන නීතිමය ගැටළු සහ බාධා සම්බන්ධයෙන් වූ කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කෙරෙනු ඇත.

එසේම ඉකුත් 09 වෙනිදා අරගලකරුවන්ට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරුකර ගැනීමටත් චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කථාකිරීමටත් මෙම හමුව පැවැත්වෙන බවට පොලීසිය තුළ දැඩි කථාබහක්ද ඇතිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here