
මාස දෙකකට අධික කාලයක් පුරාවට චීනයේ ෂැංහැයි නගරයට පනවා තිබූ දැඩි සංචරණ සීමා එළැඹෙන බදාදා දින සිට ඉවත් කිරීමට චීන රජය තීරණය කර ඇත.
ඒ අනුව චීනයේ ප්රීධානමත ආර්ථික නරගයක් වන ෂැංහැයි නගරයට යලිත් සිය ආර්ථික කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව හිමිවන ඇති බවට චීන මාධ්යර වාර්තා කරයි.
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාවට යලිත් සේවයට වාර්තා කිරිමට හැකියාව ලැබෙන අතරම සිය නිෂ්පාදන කටයුතු යලිත් ආරම්භ කිරීමටත් හැකිවන ව්යරවසාකයින් පිළිබඳවද ලයිස්තුවක් ප්රිකාශයට පත්කරන බවද ෂැංහැයි හී උප නගරාධිපති වූ කුයිනග් පවසයි.
මෙම සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධනේ නගර බලධාරීන් අදහස් දක්වමින් පෙන්වාදී ඇත්තේ ආර්ථිකය නංවාලීම සඳහා ව්ය්වසායයන්ට උපකාර කිරීම සහ පරිභෝජනය ප්රදවර්ධනය කිරීම අපෙක්ෂා කරණ බවයි. ඒ අනුව කුඩා හා මධ්ය ම ප්රයමාණයේ ව්යරවසායන් වෙනුවෙන් නිකුත් කර ඇති ණය සඳහා සහන ලබාදෙන ලෙස බැංකුවලින් ඉල්ලා සිටීම සහ දේපළ වෙළඳාම් ව්යාාපෘති අනුමත කිරීම සඳහා විශේෂ බදු සහන ලබාදීමට මෙහිදී අපෙක්ෂිතය.
මේ අතර තවත් බදු සහන ලබාදීමට බලධාරීන් තීරණය කර ඇති අතර එමගින් පසුගිය කාලයේදී කඩා වැටුනු ආර්ථිකය යලි ස්ථාවර කිරීමටත් අපෙක්ෂිතය.
කෙසේ වෙතත් චීනය කොරෝනා වෛරසය පාලනය කිරීමට දැඩි නීති අනුගමනය කළ අතර එමගින් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවූ අතර එමගින් ගෝලීය සැපයුම් දාමයට යම් බලපෑමක් එල්ල කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් ඇපල් වැනි ප්රමබල සමාගම් වලට දැඩි පාඩු සිදුවූ අතර මේ හේතුවෙන් චීනයෙන් පිටතට සිය නිෂ්පාදනාගාර ගෙනයාමටද ප්රරබල ඇමරිකානු සහ යුරෝපා සමාගම් මේවන විට සැලසුම්කර ඇත.
යම් ආකාරයකින් ඇපල් සමාගම සිය කර්මාන්තශාලා චීනයෙන් ඉවත් කරගත්හොත් තවත් සමාගම් රැසක් එම පියවර අනුගමනය කිරීමට ඉඩ පවතින අතර එමගින් චීන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ හැකියාව පවතී.