Home උණුසුම් පුවත් පොලිස් ලොක්කෝ තුනකට ස්ථාන මාරු – අජිත් රෝහණත් ඒ අතර

පොලිස් ලොක්කෝ තුනකට ස්ථාන මාරු – අජිත් රෝහණත් ඒ අතර

0
පොලිස් ලොක්කෝ තුනකට ස්ථාන මාරු – අජිත් රෝහණත් ඒ අතර

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු නියෝග පොලිස්පතිවරයා විසින් අද සවස නිකුත් කළේය.

ඊට අනුව අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස්.දමින්ද මහතා නැගෙනහිර පළාතටද වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා නැගෙනහිර සිට අපරාධ හා රථවාහන දිසාව ලෙසටද මාරුකරමින් ස්ථානමාරු ලබාදී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ 2022.05.27 දිනැති ලිපියට අනුව රාජ්‍ය්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් නියෝගය නිකුත්කරන බව පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති නියෝගයෙහි සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here