Home උණුසුම් පුවත් ලබන සතියේ සිට යළිත් ගෑස් – ලීට්‍රෝ

ලබන සතියේ සිට යළිත් ගෑස් – ලීට්‍රෝ

ලබන සතියේ සිට යළිත් ගෑස් – ලීට්‍රෝ

සඳුදා සිට යළිත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ ඇණවුම් කළ ගෑස් නෞකාව ඉරිදා දිනයේ මෙරටට සේන්දු වන බවයි.

එබැවින් ලබන ඉරිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එතෙක් ගෑස් ලබා ගැනීම සඳහා ‍පෝලිම්වල රැඳි සිටීමෙන් ඵලක් නොවන බවද ලිට්ට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here