Home උණුසුම් පුවත් පොලිස් ලේකම් සී.අයි.ඩී.යට

පොලිස් ලේකම් සී.අයි.ඩී.යට

0
පොලිස් ලේකම් සී.අයි.ඩී.යට

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනවලට අදාලව
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරමින් සිටී.

ඒ අරගලකරුවන්ට පහරදුන් පිරිසට නිදහසේ ගාලුමුවදොර පිටිය දෙසට ගමන් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්පතිවරයා විසින් තමාට උපදෙස් ලබාදුන් බවට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කළ ප්‍රකාශක් පදනම් කරගෙනය.

ඒ සම්බන්ධයෙන් පෙරේදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවූ පොලිස්පතිවරයාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන්කරගනු ලැබීය.

එම ප්‍රකාශවලට අදාල උදෘත සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රකාශයන්ගේ උදෘත හෙට දිනයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here